ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නම්බුව නැති කරගනී. - සම්ප්‍රදාය කඩ කරමින් කළ එදිරිවාදිකම.

Report

ලබන මාසයේ ආරම්භ වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම භාවිත කිරීමට සැලසුම් කරන ජර්සිය සඳහා තරගාවලියේ සත්කාරක පාකිස්තානයේ නම ඇතුළත් නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එමනේම මින් පෙර මෙම තරගාවලියේ ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග පාකිස්තානයේ නොපවත්වා ඩුබායි වෙත ගෙන යාමට සිදු වූයේ ඉන්දියාව පකිස්තානයේ ක්‍රීඩා කිරීමට අකැමැත්ත පළකිරීම හේතුවෙනි.

කෙසේ වෙතත් සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සත්කාරක රටෙහි නම සෑම කණ්ඩායමකම නිල ඇඳුමෙහි ඇතුළත් කළ යුතු වුවද පවතින ඉන්දු - පාකිස්තාන එදිරිවාදිකම් හේතුවෙන් පාකිස්තාන නාමය නොමැතිව ඉන්දියාව සිය නිල ඇඳුම එළිදක්වා ඇත.

ඉන්දීය කණ්ඩායම මේ දක්වා නිල වශයෙන් සිය ජර්සිය එළි දක්වා නොතිබුණද, ඉන්දීය නිල ජර්සිය යැයි පැවසෙන පාකිස්‍තානයේ නම ඇතුළත් නොවන ජර්සියක් විදෙස් මාධ්‍ය විසින් පළ කර තිබිණි.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

එමෙන්ම තරගාවලි ඉතිහාසය සලකා බැලීමේදී මෙවන් සිදුවීමක් දැකිය හැකිවන්නේ ද මෙම තරගාවලියේදී පමණක් වීම ද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, සත්කාරක රටෙහි නම ඇතුළත් කිරීම සම්ප්‍රදායක් පමණක් බවත්, ඉන්දීය කණ්ඩායම ඩුබායි හි ක්‍රීඩා කරන බැවින් පාකිස්තානයේ නම ජර්සියට ඇතුළත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් දැඩි විවේචන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත එල්ල කරමින් සිටින බවද වාර්තා වෙනවා.

ජනපති අනුර මෝල් හිමියන් රැක ගනී. - පාලන මිල සහ සහල් හිඟය ගැන ජනපති කට අරියි.

ජනපති අනුර මෝල් හිමියන් රැක ගනී. - පාලන මිල සහ සහල් හිඟය ගැන ජනපති කට අරියි.


You may like this video