ඊයෙ රෑ ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයට සිදු වූ දේ..එංගලන්තයේ සිහින බොඳවී යයි..

Cricket Indian Cricket Team England Cricket Team 2024 T20 World Cup Cricket Tournament
By Aruna Jun 27, 2024 11:13 PM GMT
Aruna

Aruna

Report

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග දෙකෙන් දෙවැනි තරගය වන ඉන්දියා - එංගලන්ත කණ්ඩායම් අතර තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියා කණ්ඩායම ඊයේ (28) රාත්‍රී සමත් වුණා.

ඒ ඉන්දීය කණ්ඩායම ලකුණු 68කින් එංගලන්තය පරාජයට පත් කරමින්.

ලොවම බලාසිටි ඉන්දියා - එංගලන්ත තරගයට සිදු වූ දේ..ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්..

ලොවම බලාසිටි ඉන්දියා - එංගලන්ත තරගයට සිදු වූ දේ..ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්..


Providence Stadium, Guyana හිදී ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (27) රාත්‍රී 08.00ට ආරම්භ කිරීමට තිබූ තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාදවී ආරම්භ කළ අතර, කාසියේ වාසිය හිමිකරගත් එංගලන්තය තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් විය.

නායක Rohit Sharma ලකුණු 57ක්ද, Suryakumar Yadav ලකුණු 47ක්ද, Hardik Pandya ලකුණු 23ක්ද, Ravindra Jadeja නොදැවී ලකුණු 17ක්ද, Virat Kohli ලකුණු 09ක් ද රැස් කරමින් පිතිකරණ ලැයිස්තුව ශක්තිමත් කරන්නට විය.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ Chris Jordan කඩුළු 03ක්ද, Reece Topley, Jofra Archer, Sam Curran, Adil Rashid එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 172ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි එංගලන්තයට පන්දුවාර 16යි පන්දු 04 අවසානයේ සියල්ලන් දැවී රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 103ක් පමණයි.

නායක Jos Buttler ලකුණු 23ක්ද, Harry Brook ලකුණු 25ක්ද, Jofra Archer ලකුණු 21ක්ද, Liam Livingstone ලකුණු 11ක්ද, රැස් කළ අතර, අනෙකුත් ක්‍රීඩකයින් කිසිවෙකුට ලකුණු 10 සීමාවට හෝ පැමිණීමට නොහැකි වීම ද විශේෂත්වයක්.

රාජ්‍ය සේවයේ පිරිසකට රුපියල් 25,000ක් මාසික වැටුපට එකතු වෙයි..සුබ ආරංචිය මෙන්න..

රාජ්‍ය සේවයේ පිරිසකට රුපියල් 25,000ක් මාසික වැටුපට එකතු වෙයි..සුබ ආරංචිය මෙන්න..


පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Axar Patel සහ Kuldeep Yadav කඩුළු 03 බැගින්ද, Jasprit Bumrah කඩුළු 02ක්ද, දවාගැනීමට සමත් වුණා.

එමෙන්ම, T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.00ට Brian Lara Stadium, Tarouba, Trinidad හිදී පැවැති තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ කඩුළු 09කින් ඇෆ්ගනිස්ථානය පරාජයට පත් කරමින් වන අතර, දකුණු අප්‍රිකාව ප්‍රතිවාදී කණ්ඩායම ලෙසින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර එළඹෙන ජූනි 29 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට Kensington Oval, Bridgetown, Barbados හිදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී දකුණු අප්‍රිකාව ලෝක කුසලාන අවසන් මහා තරගයකට තේරී පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.