20යි 20 ලෝක වාර්තා පොත් අලුත් කරමින් වාර්තා අරට ගිය ඉන්දියානු තරඟය..ඊයේ රෑ සිදු වූ විශ්මිත දේ මෙන්න.

Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 133ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණේ ලෝක වාර්තා පොත් අලුත් කරමින්.

තරගය ඉන්දියාවේ හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී පැවැත් විය.

එම තරගයේදී අයි සී සී පූර්ණ සාමාජිකත්වය හිමිකර ගත් රටක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී රැස්කළ ඉදළම ලකුණු සංඛ්‍යාව තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීම විශේෂතවයක්.

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..


ඒ, නියමිත පන්දුවාර විස්ස තුළදී ලකුණු 297ක් රැස්කර ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 297ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සංජු සැම්සන් පන්දු 47ක් තුළ හතරේ පහරවල් 11ක් සහ හයේ පහරවල් 8ක් සමඟින් වේගවත් ලකුණු 111ක් ලබාගත් අතර, නායක සූර්ය කුමාර යාදෙව් පන්දු 35ක් තුළදී ලකුණු 75ක් රැස් කළේ සුපිරි ඉනිමක් දියත් කරමින්.

වාහනයක් ගන්න හිටිය ලාංකිකයින්ට සුබ ආරංචියක්..මහ බැංකුව ගත් තීරණය මෙන්න.

වාහනයක් ගන්න හිටිය ලාංකිකයින්ට සුබ ආරංචියක්..මහ බැංකුව ගත් තීරණය මෙන්න.


ලකුණු 298ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 164ක් පමණයි.