ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..
ඉන්ධන මිල පහල දැමීම පිළිබඳව ආණ්ඩුව විසින් පරස්පර කතා කියමින් සිටින බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේග කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කර සිටිනවා.
අනුර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර ප්‍රකාශ කළ පරිදි තෙල් ලීටරයක් සඳහා අතිරේකව රුපියල් පනහක බද්දක් අය කරමින් සිටින්නේ තෙල් සංස්ථාව කිසිදු ණයක් නොමැති අවස්ථාවක බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
එසේ කලහොත් එය ජනතාවට විශාල සහයක් බව ද හෙතෙම කියා සිටින අතර, සංස්ථාව මේ වන විට මසකට බිලියන 11 ක ලාබ ලබමින් සිටින බවද කී ඔහු පෙර කී රුපියල් පනහ ද සමඟ තෙල් මිල රුපියල් 82කින් අඩු කළ හැකි බවයි.
ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒමහතා මෙම අදහස් පළ කර ඇත.