වාහනයක් ගන්න හිටිය ලාංකිකයින්ට සුබ ආරංචියක්..මහ බැංකුව ගත් තීරණය මෙන්න.

Report

ශ්‍රී ලංකාවේ දළ විදේශීය නිල සංචිතයට අවහිරතාවක් ඇති නොවන ආකාරයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබා දී තිබේ.

වසර 2022දී ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුනි. එම අවස්ථාවේ එවක පැවති රජය භාණ්ඩ දෙදහසකට අධික ප්‍රමාණයකට ආනයන සීමා පැනවීය.

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..


නමුත් ක්‍රමිකව එම සීමා ලිහිල් කිරීමක් ද සිදු කරනු ලැබීය.

ඒ අනුව අවසාන ලිහිල් කිරීම ලෙස සිදු කළ යුත්තේ සීමා කිරීමකින් තොරව රථ වාහන ගෙන්වීමට ඉඩ දීමය.

ලබන වසරේ පෙබරවාරි මාසයේදී රථ වාහන ආනයනය සඳහා මුළුමනින්ම ඉඩ ලබාදීම කෙරෙහි පසුගිය රජය අවධානය යොමු කොට තිබිණි.

එම තීරණයෙහි වෙනසක් ඉදිරියේදී සිදු කෙරෙන්නේදැයි ඉකුත්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මහ බැංකුව අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කළේය.

අද වාසනාවෙ දොර ඇරලා පේනවා..ලග්න 06 කට මල් 07යි..

අද වාසනාවෙ දොර ඇරලා පේනවා..ලග්න 06 කට මල් 07යි..


ඊට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ නිල විදේශීය සංචිතයට බලපෑමක් නොවන ආකාරයට වාහන ගෙන්වීමට අවශ්‍ය නිර්දේශ තමන් දැනටමත් මහා භාණ්ඩාගාරයට දී ඇති බවයි.

නමුත් ඒ ආකාරයට කටයුතු සිදු කරන්නේදැයි යන තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.