ගොවීන් ලොකු අමාරුවක දරුණු පොහොර හිඟයක්

Report

මැදපෙරදිග පවතින අස්ථාවරත්වය හමුවේ ගෝලීය සැපයුම් දාමයන්ට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින්, නේපාලය ඉන්දියාවෙන් පොහොර සැපයුමක් ඉල්ලා ඇති බවත් එය ලබාදීමට කටයුතු කරමින් පවතින බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.

නවදිල්ලියේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් මහතා සඳහන් කළේ, දෙරට අතර පවතින සහයෝගීතා රාමුව යටතේ නේපාලයේ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරාලීමට ඉන්දියාව උපරිම සහය දක්වන බවයි.

කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාව ඉටුකරන භූමිකාව පිළිබඳව කරුණු දක්වමින් ජයිස්වාල් මහතා කියා සිටියේ, පොහොරවලට අමතරව අසල්වැසි රටවල බලශක්ති අවශ්‍යතා සපුරාලීමට ද ඉන්දියාව ඉදිරිපත්ව සිටින බවයි.

ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන සිතියමක්

ට්‍රම්ප්ගෙන් ලෝකයම හොල්ලන සිතියමක්

විශේෂයෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ක්‍රියාත්මක "ඉන්දු-බංග්ලාදේශ මිත්‍රත්ව නල මාර්ගය" (India-Bangladesh Friendship Pipeline) හරහා බංග්ලාදේශයට අවශ්‍ය අධිවේගී ඩීසල් අඛණ්ඩව සපයමින් සිටින බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

මුළු රටේම ආන්දෝලනයක් කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර් වරුන් අතට පත්වීම ගැන මහබැංකු අධිපති පළමුවරට කට අරී

මුළු රටේම ආන්දෝලනයක් කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර් වරුන් අතට පත්වීම ගැන මහබැංකු අධිපති පළමුවරට කට අරී