ලෝක කුසලානයේ ඉන්දු ශ්‍රී ලංකා ගැටුම අද.
Cricket
Sri Lanka Cricket
Indian Cricket Team
ICC World Cup 2023
By Hashini
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ 33වන තරඟය අද (02) පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරයි.
අද පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිත තරඟය වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී අවසන් වරට ශ්‍රී ලංකාව හා ඉන්දියාව වන්කඩේ ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා කර තිබෙනවා.
ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරඟ මාලාව තුල අපරාජිතව සිටින එකම කණ්ඩායම වන අතර, ලංකාව දැනට ජය ගෙන ඇත්තේ සහභාගී වූ තරඟ 6න් තරඟ 02ක් පමණි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති අවසන් එක්දින තරඟ පහම ජය ගෙන ඇත්තේ ඉන්දියාව වන අතර එයට මෙවර ආසියානු කුසලාන තරඟ පරාජයද ඇතුළත්.
