හෙට සිට චීන පුරවැසියන්ට සංචාරක වීසා නිකුත් කිරීම යළි ඇරඹේ

Latest Headlines
By Shehan Jul 23, 2025 02:49 PM GMT
Shehan

Shehan

Report

ඉන්දියාව 2025 ජුලි 24 වැනිදා සිට චීන පුරවැසියන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

2020 වසරේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සහ 2020 ජුනි මාසයේ ගැල්වාන් ගැටුම හේතුවෙන් ඉන්දියාව හා චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා පිරිහීම නිසා ඉන්දියාව චීන පුරවැසියන් සඳහා සංචාරක වීසා අත්හිටුවීය.

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

වසර 5කට පසු, හෙට (24) සිට චීන පුරවැසියන්ට සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, චීන පුරවැසියන්ට මාර්ගගත අයදුම්පත්‍රයක් මගින් සංචාරක වීසා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

ට්‍රම්ප්ගේ ‘සීනි මතයට’ Coke එකෙන් මිතුරැ පිළිතුරක්

ට්‍රම්ප්ගේ ‘සීනි මතයට’ Coke එකෙන් මිතුරැ පිළිතුරක්

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

ReeCha