මුහුදෙන් අරන් ගිය කෝටි 10ට අධික රත්රන් තොගය - තවත් රත්රන් තොගයක් මුහුදු පතුලේ?..
Tamil Nadu Police
India
By krishani
ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව රැගෙන යමින් තිබූ ඉන්දීය රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇත.
එහි ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මත රත්‍රං කිලෝග්‍රෑම් 17 කට අධික ප්‍රමාණයක් තමිල්නාඩුවේ මන්ඩපම් ප්‍රදේශයේ මුහුදේ යාත්‍රා කරමින් තිබියදී වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත්තේ.
වැටලීමේ දී ඒ හා සමාන තවත් රත්‍රං තොගයක් මුහුදු පත්ලට විසි කරන්නට ඇති බවට සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් යාත්‍රාවේ සිටි 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |