මහ මැතිවරණයකට දින නියම කරයි..අප්‍රේල් 19 වන දා සිට අදියර කිහිපයකට පැවැත්වීමට තීරණයක්..
By Aruna
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබෙන බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර තිබුණේ, මෙවර මිලියන 970 කට ආසන්න සංඛ්‍යාවක් ඡන්ද මධ්‍යස්ථාන දසලක්ෂ පනස්දහසක දී ඡන්දය ප්‍රකාශය කිරීමට නියමිත බවයි.
මේ අනුව, අදියර හතකින් යුත් ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 19 වනදා ආරම්භ වීමට නියමිතයි.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වනදා සිට සිදු කරන අතර, එහි ප්‍රතිඵල ජුනි 04 වනදාම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.