මෙන්න වැඩක් - කසාදෙට කලින් ගෑණු ළමයින්ට වෛද්‍ය පරීක්ෂණ ගැනීම අනිවාර්යයි?
දකුණු ඉන්දීයාවේ මෑත කාලයේදී විශාල අවධානයක් යොමුවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන්, මධුරායි ඉහළ නීති අධිකරණය වෙත විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
එහිදී, විවාහයට පෙර වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය කිරීමට රජයට නියෝගයක් ලබා දිය යුතු බවක් ඉල්ලීම් වී තිබුණි.
මෙම පොදු ජන වාසි පෙත්සම සම්බන්ධයෙන් නඩු විභාගය සිදුකරමින් සිටි මධුරායි ඉහළ නීති අධිකරණය පෙන්වා දුන්නේ, එවැනි නීතිමය තීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තුවට පමණක් හිමි වන අතර, අධිකරණය විසින් එවැනි නියෝග මැදිහත් වීම නොහැකි බවයි.
මෙවැනි පෙත්සමක් ඉදිරිපත් වීමේ පසුබිම වන්නේ, විවාහයෙන් පසුව සිදුවන "මනමාලයා ඝාතන" සම්බන්ධ සිදුවීම් වැඩිවීමයි. වාර්තා අනුව, සමහර විවාහයන් දරුණු බලපෑම්වලින් සිදුකරන අතර, විවාහයෙන් පසුව එම මනමාලයන්ට ජීවිත හානි සිදුවී ඇති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් සමහරුන් බියෙන් විවාහයට මුහුණ දෙන බවත්, ඇතැම් තැන්වල යුවතියන් පිළිබඳව විස්තර සෙවීම සඳහා පෞද්ගලික නිරීක්ෂණ සේවාවන්ගේ උපකාරය ලබා ගන්නා බවත් වාර්තා වේ.
කෙසේ වෙතත්, අධිකරණය පැහැදිලිවම දක්වා සිටියේ, රජය මේ බව පාර්ලිමේන්තුව තුළින් නීතිමය ක්‍රමයකින් සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතු බවය. ඒ අනුව, මෙම පෙත්සම නීතිමය අධිකාරියෙන් තීරණය කළ නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.
