වසර 7කට පසු මේ ගණනින් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමත් සමඟ ඉන්දියාව වසර හතරකට පසු ප්‍රථම වතාවට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව දිල්ලියේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර, නව මිල සංශෝධනයත් සමඟ දිල්ලියේ ඩීසල් ලීටරයක් රුපියල් 90.67ක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 97.77ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්ඩියන් ඔයිල්, හින්දුස්ථාන් පෙට්‍රෝලියම් සහ භාරත් පෙට්‍රෝලියම් යන රාජ්‍ය සමාගම් විසින් මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක කර තිබේ.
ප්‍රාන්ත මැතිවරණ අවසන් වන තෙක් මෙම මිල ඉහළ දැමීම අත්හිටුවා තිබූ බවට දේශපාලන විචාරකයින් චෝදනා කරන අතර, අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය මැතිවරණ ජයග්‍රහණය තහවුරු කර ගැනීමෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
පවතින බලශක්ති අර්බුදය හමුවේ විදේශ සංචිත රැක ගැනීම සඳහා ඉන්ධන සංරක්ෂණය කරන ලෙසත්, හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි (Work from home) කරන ලෙසත් අග්‍රාමාත්‍ය මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.