මෝදීට අපහාස කළාට ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු අත්අඩංගුවට

India
By Sithumi Feb 24, 2023 03:18 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාස කිරීමේ චෝදනාව මත ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ”පවන් ඛේරා” අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීට, ”නරේන්ද්‍ර ගෞතම්දාස් මෝදී” ලෙස අමතමින් ලොව ධනවත්ම පුද්ගලයෙකු සහ ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ”ගෞතම් අදානිගේ” නම භාවිතා කර අපහාස කළ බවට චෝදනා ලබමිනුයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සහන කරන්නේ මූල්‍ය පර්යේෂණ සහ කෙටි විකුණුම් සමාගමක් වන Hindenburg Research සමාගම විසින් Adani සමූහ ව්‍යාපාරයට එරෙහිව කොටස් වෙළඳපොල හුවමාරු සහ වංචා පිලිබඳ චෝදනා එල්ල කර ඇති අතර ”අදානි සමූහය” එම වාර්තා පදනම් විරහිත සහ ද්වේෂ සහගත වාර්තාවක් ලෙස පවසා ඇති අතර ”අදානි” අගමැති මෝදිගේ සමිතමයෙකු බවයි. ”පවන් ඛේරා” ඊයේ(23) ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් කිහිපදෙනෙකු සමග ගුවන් යානයෙන් බලහත්කාරයෙන් පිටකර ඇති අතර දිල්ලි ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇසෑම් ප්‍රාන්තයේ පොලීසිය මාධ්‍යට දන්වා ඇත්තේ අග්‍රමාත්‍යවරයා පිළිබඳව විරෝධය පළකල ප්‍රකාශය සම්බන්ධයෙන් නඩුවක් ලියාපදිංචි කිරීමෙන් පසු, ප්‍රශ්නකිරීම් සඳහා ”පවන් ඛේරා” අත්අඩංගුවට ගැනීමට නව දිල්ලියට පොලිස් කණ්ඩායමක් යෙදවූ බවයි මේ අතර ”පවන් ඛේරා” අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර මෙම ඒකාධිපති හැසිරීමට දැඩි ලෙස විරුද්ධ වනබව කොංග්‍රස් පක්ෂය නිවේදනයක් මඟින් සඳහන් කර තිබෙනවා