මහේලගෙන් හිස් වූ මුම්බායි පුහුණුකරු පුටුවට කිරන් පොලාර්ඩ්

Report

එළඹෙන 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක කිරන් පොලාර්ඩ් පත් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන එම ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය. මීට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ පොලාර්ඩ්ට මෙලෙස ප්‍රධාන පුහුණුකරු ධුරයේ වගකීම පැවරී තිබේ.

කණ්ඩායම විසින් ඔහුගේ පත්වීම අද (24) නිවේදනය කර ඇත. පොලාර්ඩ් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩකයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි.

ඔහු එම කණ්ඩායම නියෝජනය කළ කාලය තුළ IPL ශූරතා පහක් දිනාගැනීමට දායක වී තිබේ.

ශ්‍රී ලංකාව වාර්තාගත සුපිරි ජයග්‍රහණයෙන් සංගක්කාර සහ හුසේන් සතුටට පත්වෙයි

ශ්‍රී ලංකාව වාර්තාගත සුපිරි ජයග්‍රහණයෙන් සංගක්කාර සහ හුසේන් සතුටට පත්වෙයි

එමෙන්ම, මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ කාලය තුළ ඔහු ලකුණු 3,915ක් රැස් කර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා දිවියෙන් පසුව ද කණ්ඩායම සමඟ සම්බන්ධව සිටි පොලාර්ඩ්, පිතිකරණ පුහුණුකරු ලෙස සිය අත්දැකීම් බෙදාහදා ගත්තේය.

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ IPL ශූරතා තුනක් දිනාගැනීමට කණ්ඩායමට හැකි විය.

ඔහු එම ධුරයෙන් ඉවත් වීමත් සමඟ හිස් වූ තනතුරට දැන් පොලාර්ඩ් පත් කර තිබේ. මෙම පත්වීමත් සමඟ 2027 IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පොලාර්ඩ්ට පැවරෙනු ඇත.

''ලකුණු 200ක් ගත්තත් ජයග්‍රහණය කරන්න බැරි වුණා'' - ලකුණු 430ක වාර්තාගත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ගැන හැරී බෲක් කියූ කතාව

''ලකුණු 200ක් ගත්තත් ජයග්‍රහණය කරන්න බැරි වුණා'' - ලකුණු 430ක වාර්තාගත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ගැන හැරී බෲක් කියූ කතාව