ඉන්දියාව හා පාකිස්තානය යළි ලබන 21 දා සටනට සැරසේ

By Shehan Sep 19, 2025 02:37 PM GMT
Report

ක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික එදිරිවාදීන් වන ඉන්දියාව හා පාකිස්තානය අතර ආසියානු කුසාලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරගය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව හා පාකිස්තානය මෙම තරගාවලියේදී එකිනෙකා මුණ ගැහෙන දෙවැනි අවස්ථාව මෙය වෙයි. පළමුවරට පැවැති තරගයෙන් ඉන්දියාව තරගය ජය ගත් අතර තරගයෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයන් පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත නොදී පිටියෙන් ඉවත්වීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය.

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ අදියර ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය හෙට (20දා) පැවැත්වීමට නියමිතය.