මිද්දෙණියේ රසායන ද්‍රව්‍ය ගැන අලුත් කතාවක්
මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් රසායනික ද්‍රව්‍යවල සාම්පල පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව පොලිසිය වෙත භාර දී ඇති බව පොලිසිය පවසයි.
එම වාර්තාවට අනුව, අදාළ රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය බව තහවුරු වී ඇත.
කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු නිලංග යන සංවිධානාත්මක අපරාධකරුවන් මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් බවට චෝදනා එල්ල වන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් පසුගිය සැප්තැම්බර් 06 වැනිදා මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණි.
මෙම තොරතුරු ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමඟ අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
අනතුරුව, එම රසායනික ද්‍රව්‍යවල සාම්පල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගියදා නිකුත් වූ අතර, එහි සඳහන් වූයේ සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු බවයි.
අද (19) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාව පොලිසියට භාර දී ඇති අතර, එමගින් මිද්දෙණියෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බව තහවුරු වී ඇති බව පොලිසිය පවසයි.