ටික්ටෝක් වලට මොකද වෙන්නේ? චීනයෙන් ඇමරිකාවට මාරු වෙයිද?
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂිං ජිංපිං අතර ඇමතුම් සංවාදයක් ගෙන චීනයට අයත් කෙටි වීඩියෝ සදහා භාවිතා කරන ටික්ටොක් (TikTok) ගිවිසුම පිළිබද සාකච්චා කර ඇත.
ටික්ටොක් සමාගමේ වත්කම් ByteDance හි ඇමරිකානු හිමිකරුවන් වෙත විකුණන්නේ නැතිනම් අමෙරිකාව තුළදී මෙම ඇප් එක තහනමකටලක් කරන බව ට්‍රම්ප් පවසා ඇත.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව
ඇමරිකානු ජනපති ට්‍රම්ප් හා චීන නායක ෂී ජින්පිං මෙම සාකච්චාව තුළ ටික්ටොක් ක්‍රියාත්මක කිරීම , වෙළඳ යුද්ධය ආදිය පිළිබඳව කතාබහ කර ඇත. ටික්ටොක් 2025 ජනවාරි 19 සිට අමෙරිකාවේ තහනම් වූ අතර ජනවාරි මාසයේ සිටම ට්‍රම්ප් යළි යළිත් මෙම තහනම ක්‍රියාත්මක කිරීම කල්දමා ඇත.
පසුගිය අඟහරුවාදා ඔහු මෙම තහනම බලපැවැත්වීමට නියමිත කාලසීමාව ලබන දෙසැම්බර් 16 දක්වා නැවත දීර්ඝ කිරීමට නියෝග කළා. අමෙරිකානු සහ චීන නායකයන් දෙදෙනා අතර අවසන් වරට ඇමතුමක් හුවමාරු වී ඇත්තේ පසුගියජුනි මස මුලදීයි.
