එජාපය හෙට 79 වැනි උපන්දිනේ සමරයි

Report

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර උත්සවය බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී හෙට (20) පෙරවරු 9ට පැවැත්වේ.

පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ වලට ආරාධනා කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මුලින් වත්කම් චුට්ටයි තිබ්බේ පස්සේ එකපාරම මගේ වත්කම් ටික ඉහළ ගියා - ලාල්ගේ වත්කම් ගැන ලාල්ම කියයි

මුලින් වත්කම් චුට්ටයි තිබ්බේ පස්සේ එකපාරම මගේ වත්කම් ටික ඉහළ ගියා - ලාල්ගේ වත්කම් ගැන ලාල්ම කියයි

"ඔබේ මතය දරන්න"ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න " එකට සිටගමු" යන තේමාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර සියලු බලමුළු එකට එක්වන තෝතැන්නක් ලෙස මෙවර එජාප සංවත්සර සැමරුම හඳුන්වා දිය හැකි බවයි.

ජාති ආගම් කිසිදු භේදයක් නොසලකා සියලු දෙනා එක් කරන පක්ෂයක් ලෙස එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය අදත් සියලු පාර්ශව එක් කරන මහ ගෙදරක් බවට පත්වීම සුවිශේෂී කාරණයක් වන්නේ යැයිද රුවන් විජයවර්ධන මහතා කීය.

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න