මනාලියගෙන් දෑවැද්ද ඉල්ලූ මනාලයාව මඟු‍ල දවසේ ගස් බැඳලා.. මෙහෙමත් මිනිස්සු අබුද්දස්ස කාලේ ඇහෙන කතා

By Sithumi Jun 18, 2023 03:58 PM GMT
Report

මනාලියගෙන් දෑවැද්ද ඉල්ලූ මනාලයෙක් මංගල දිනය දා ගස් බැඳීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් අසන්නට ලැබෙනවා.


මනාලියගේ පවුල් අය විසින් මනාලයා මෙලෙස ගස් බැඳ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණු අතර පසුගිය 14 වනදා පැවැති මංගල උත්සවය අවස්ථාවේ දී මනාලයාගේ මිතුරෙකු විසින් ආරවුලක් ඇති කර ඇති අතර, එහිදී එය පවුල් දෙක අතර ගැටුමක් බවට පත්ව තිබෙනවා.

  එම අවස්ථාවේ දී මනාලිය සහ මනාලයා මල්මාලා හුවමාරු කරගැනීමට පෙර මනාලයා විසින් දෑවැද්ද ඉල්ලා සිටීමත් සමඟ ගැටුම තවත් තීව්‍ර වී තිබෙනවා.  


එහිදී කෝපයට පත් මනාලියගේ පාර්ශ්වයෙන් උත්සවයට සහභාගී වී සිටි පිරිස විසින් මනාලයාව අල්ලා මෙලෙස ගස් බැඳ ඇති බව සඳහන් වනවා. 


අනතුරුව එම ස්ථානයට පොලිසිය පැමිණීමෙන් පසු පැය කිහිපයක් ගස් බැඳ සිටි මනාලයාව මුදාගැනීමට කටයුතු කර ඇති බවයි වාර්ථා වන්නේ.