ආදායම් බදු දෙපාර්තමේන්තුවේත් මගඩියක් .- රුපියල් නව කෝටියක් මිසින්.

Sri Lanka Government Of Sri Lanka Income Tax Department
By Wayomi Jul 01, 2023 10:10 AM GMT
Wayomi

Wayomi

Report

එමෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු අය කිරීමට අදාළ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධති (RAMIS) ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලයට වසර තුනකට වැඩි කාලයක් රුපියල් නව කෝටියක මුදලක් නිසි අවසරයකින් තොරව ගෙවා ඇතැයිද එම වාර්තාවේ දැක්වෙනවා.

මෙම කාර්ය මණ්ඩලය පවත්වා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදී තිබුණේ 2019 වර්ෂයේ නොවැම්බර් 30 වැනිදා දක්වා පමණක් බවද මේ අතර රාජකාරි සදහා නිවාඩු අනුමත කරගෙන තිබූ නිලධාරීන් සිවු දෙනෙකුට එම නිවාඩු කාල පරිච්ඡේදයන් සඳහාද( රැමිස් ව්‍යාපෘතිය යටතේ) දීමනා ගෙවා තිබූ බව විගණන කාර්යාලය පවසනවා.

මේ අතර ව්‍යාපෘතියෙන් ඉවත්ව ගිය නිලධාරීන් දෙදෙනෙකුට එසේ ඉවත්වීමෙන් පසුවද දීමනා ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් පවත්වාගෙන නොයෑම හේතුවෙන් ඉහත අඩුපාඩු සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2022 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන මේ තොරතුරු සඳහන් වේ.