වෙඩි තැබීම උද්දික ප්‍රේමරත්නගේම සැලසුමක්?..රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වන අලුත්ම තොරතුරු..

Sri Lanka Uddika Premarathna Gun Shooting
By Piyumika Jun 17, 2024 03:45 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඊට යොදා ගත් බවට සැක කෙරෙන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහනාම පරිහරණය කළ පිස්තෝලය සහ වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී සොයා ගත් හිස් උණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

මහානාමගේ අවිය ගැන නොපමාව රස පරීක්ෂක වාර්තා කැඳවන ලෙස, අධිකරණයෙන් CID යට නියෝග..

මහානාමගේ අවිය ගැන නොපමාව රස පරීක්ෂක වාර්තා කැඳවන ලෙස, අධිකරණයෙන් CID යට නියෝග..

මෙහිදී අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම රාජකාරි පිස්තෝලයෙන් බවත් මෙය උද්දික ප්‍රේමරත්න සහ සංජීව මහානාම යන දෙදෙනා සැලසුම් සහගතව සිදු කළ බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනු‍ම් දුන්නේය.

එම සිද්ධියෙන් දින දෙකකට පසු සහකාර පොලිස් අධිකාරිවරයා සිය රාජකාරි පිස්තෝලය ක්‍රියාත්මක නොවන බව පවසමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට භාර දී තිබුනු අතර අනතුරුව ඔහුට වෙනත් පිස්තෝලයක්ද නිකුත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ජනප්‍රිය රංගන ශිල්පියකු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්..

ජනප්‍රිය රංගන ශිල්පියකු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්..

අදාළ පිස්තෝලයේ ක්‍රියාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම අවි ගබඩාව මගින් පරීක්ෂා කර බැලූ බවත් පිස්තෝලය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවට තහවුරු කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ පිස්තෝලය සිය භාරයට ගෙන විමර්ශන අරඹා වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගත් බවද පවසා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් හඳුනාගෙන ඇති බවද පැවැසීය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි විමසූ විට ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.

ගැටලු සාකච්ඡාවට අනිදා එන්නැයි අනධ්‍යයන සේවකයින්ට UGC පවසයි..

ගැටලු සාකච්ඡාවට අනිදා එන්නැයි අනධ්‍යයන සේවකයින්ට UGC පවසයි..


කෙසේවෙතත් පිස්තෝලය සිය භාරයට ගැනීමත් සමග සහකාර පොලිස් අධිකාරිවරයා ඉකුත් 12 වැනිදා රාත්‍රියේ මැලේසියාවට පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඔහු එසේ මැලේසියාවට ගොස් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබා නොගෙන සිය රාජකාරි පිස්තෝලය කටුනායක ගුවන් තොටුපෙලේදී වෙනත් පුද්ගලයකුට භාරදීමෙන් අනතුරුය. එසේ රාජකාරි පිස්තෝලය අන්සතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත් ඔහු කීවේය.

ජනතාවට රජයෙන් සුබම සුබ ආරංචියක් මෙන්න..

ජනතාවට රජයෙන් සුබම සුබ ආරංචියක් මෙන්න..

පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට අනුරාධපුරයේ පිහිටි ඔහුට අයත් නිවස ආසන්නයේදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූයේ 2023 සැප්තැම්බර් මස 17 වැනි දිනය.මෙම වෙඩි තැබීමට අදාළව අධිකරණ නියෝග මත රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඇති සීසීටීවී කැමරා සංඛ්‍යාව 11 ක් වන අතර ඒ කිසිදු කැමරාවක අදාළ වෙඩි තැබීම සටහන්ව නොමැති බව විමර්ශනවලදී හෙළිවිය. හිටපු මන්ත්‍රිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි දෙකින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රාහාර එල්ල කර ඇද්ද? යන්න අනාවරණ කර ගැනීම සඳහා එම පිස්තෝල දෙකද රජයේ රස පරීක්ෂකවරයා වෙත මීට පෙර යවා තිබේ .