ජනප්‍රිය රංගන ශිල්පියකු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්..
By Piyumika
ඉන්දීය තෙළිඟු සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ප්‍රදීප් කේ. විජයන්ගේ සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.
දින 02ක් පුරා මෙම රංගන ශිල්පියාව සම්බන්ධ කරගැනීමට නොහැකි වූ හේතුවෙන් ඔහුගේ මිතුරන්ට ඇතිවූ සැකයක් මත පොලිසියට පැමිණිලි කර ඇත.
එහිදී එරට පොලිසිය ජුනි 13 දින ඔහුගේ අගුළු දැමූ නිවස පිළිබඳ සැක මතුව අගුළු කඩා නිවසට ඇතුළු වී ඇති අතර එහිදී නිවස තුල මියගොස් සිටි විජයන්ගේ සිරුර සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
බැලූ බැල්මට මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පෙනෙන්නට තිබුනත්, මෙය ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳ පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඉන්දීය මාධ්‍ය පවසා සිටියේය.
ඉන්දීය තෙළිඟු සිනමාවේ දුෂ්ඨ සහ විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රචලිත විජයන්, අවසන් වරට රඟදක්වා ඇත්තේ "රුද්‍රන්" චිත්‍රපටයේය.