දියතලාව බස් නැවතුමේ මහ රෑට රෑට කරපු අමුතු සෙල්ලම මාට්ටු

Report

දියතලාව බස් නැවතුම්පොළේ රාත්‍රී කාලයේ නවතා තබා තිබූ බස් රථයක් තුළ මුදලට සූදු කෙළියේ (බූරු ගැසීමේ) නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ අවට වෙළෙඳසල්වල සේවකයන් සිටින බව පොලිසිය පවසයි.

දිවා කාලයේ ධාවනය කර රාත්‍රියට ගාල් කර තබන බස් රථයක් උපයෝගී කරගනිමින් කාලයක සිට මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයකට ඉරානයෙන් ප්‍රහාරයක්

ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයකට ඉරානයෙන් ප්‍රහාරයක්

පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සූදුව සඳහා යොදාගත් මුදල් සහ උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාරක අනතුරක් - පුංචි පුතුට සදහටම දිවි අහිමි වෙයි

මාරක අනතුරක් - පුංචි පුතුට සදහටම දිවි අහිමි වෙයි