ශ‍්‍රීපාදයේ ඇහැලකණුව අසලින් තරුණයෙක් අවාසනාවන්න ලෙස පහළට ඇඳවැටෙයි..

Police spokesman Sri Lanka Police Accident
By Aruna Mar 29, 2024 07:50 AM GMT
Aruna

Aruna

Report

රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදි ආරක්ෂිත වැටෙන් මිටර් 100 පමණ ප්‍රපාතයට ඇද වැටි සිටි ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්‍රතිකාර ලබා දි රෝහල් ගත කිරිමට මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාට්‍රහි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති අවු 25 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

තුවලකරු තවත් පිරිසක් සමග රත්නපුර ශ්‍රි පාද මාර්ගය ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන් කර ඇති අතර , (29) දින අලුයම 4.45 ට පමණ භාරත් චන්ද්‍රදාස් එම මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදි ආරක්ෂිත වැටෙන් ඉවතට වැටි මිටර් 100 පමණ ප්‍රපාතයට ඇද වැටි තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රි පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටි සිටි තරුණයා ඉන් මුදවාගෙන ශ්‍රි පාද උඩ මළුව වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා දි ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කර තුවාලකරු සමග ඉන්දියාවේ සිට ශ්‍රි පාදයේ පැමිණි පිරිස සමග රෝහල් ගත කිරීමට නල්ලතන්නිය දක්වා රැගෙන යාමට කටයුතු කර තිබේ.

ReeCha