මැතිවරණ කාර්යාලයක් ඉදිරිපිට පිපිරීමක්..වහාම ආරක්ෂක අංශ කැඳවයි..

Pakistan Election Bomb Blast
By Aruna Feb 03, 2024 06:44 AM GMT
Aruna

Aruna

Report

කරච්චි හි පිහිටි පකිස්ථාන මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලයෙන් පිටත පිපිරීමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර පිපිරීමේ තීව්‍රතාවය සහ ස්වභාවය තක්සේරු කිරීම සඳහා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පුපුරණ ද්‍රව්‍ය කරච්චි රතු කලාපීය ප්‍රදේශයේ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලයෙන් පිටත බිත්තිය අසළ ෂොපින් බෑගයක දමා තිබියදී මෙම පිපිරීම සිදුව ඇති අතර, පකිස්තාන මැතිවරණ කොමිසම මෙම පිපිරුම පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ දිස්ත්‍රික් අධීක්ෂණ නිලධාරියාගෙන් වාර්තා ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම පිපිරීම පිළිබඳ බෝම්බ නිෂ්ක්‍රීය අංශය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ආසන්න වශයෙන් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් යොදාගෙන නිර්මාණය කළ බෝම්බයක් මෙලෙස පුපුරා යන්නට ඇති බවයි.

පකිස්තාන මාධ්‍ය වාර්තා පවසන්නේ, පකිස්තාන මැතිවරණය ලබන පෙබරවාරි 8 වනදා පැවැත්වීමට නියමිත අතර, මෙම ක්‍රියාව මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණින් සිදු කරන්නට ඇති බවයි.

Sponsored By Sarrita Jewellery

මැතිවරණ කාර්යාලයක් ඉදිරිපිට පිපිරීමක්..වහාම ආරක්ෂක අංශ කැඳවයි.. | In Pakistan An Explosion Front Of Election Office


ReeCha