ඩොලර් කෝටි 280ක් වන සමූපකාර දේපළකට මේ රජයත් ඉව අල්ල‍යි

IMF Sri Lanka Latest Headlines Sinhala news Breaking News NPP Government
By Kaushi Jun 28, 2025 01:22 PM GMT
Kaushi

Kaushi

Report

සමුපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරය මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ මත යමින් ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් සමුපකාර 16,000ක් සතු ඇමෙරිකන් ඩොලර් කෝටි 280කට අධික දේපළ හා අනෙකුත් වත්කම්වලට අත තැබීමට ආණ්ඩුව සූදානම් වන බවට චෝදනා කර ඇති බව වාර්තා වේ.

එසේම එහි සභාපති උපාලි චන්ද්‍රසිරි මහතා කියා ඇත්තේ පැවති ආණ්ඩුව ඉදිරිපත් කළ විරෝධතා හමුවේ අකුලාගත් සමුපකාරය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් වූ කැබිනට් පත්‍රිකාව වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙනයමින් ආණ්ඩුව මෙසේ උත්සාහ ගන්නා බවයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එසේම ඔහු පැවසුවේ මෙය ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජනතාව සන්තක ප්‍රබලතම ව්‍යාපාරය බවට සමුපකාරය පත්කිරීමේ බලාපොරොත්තුව උඩු යටිකුරු කිරීමක් බැවින් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

මෙරට යුරෝපා සංගම් වාර්තාවලට අනුව අසූ එක් ලක්ෂයක සාමාජිකත්වය ඉක්මවූ ඇමෙරිකන් ඩොලර් කෝටි 280 අධික දේපළ හා අනෙකුත් වත්කම් හිමි සමුපකාර 16,000ක් ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ආණ්ඩු ඉව අල්ලන්නේ එකී දේපළවලට යැයි ද ඔහු පවසයි.

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

සමුපකාර දූෂිත බව කියමින් 2023දී තිබූ ආණ්ඩුවේ වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍යවරයා සමූපකාරය ප්‍රතිව්‍යුහගතකිරීමට කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළත් එය සමුපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරය මැදිහත් වීමෙන් පරාජයට පත්ව ඇති බවද ඔහු කියයි.

තවද තිබූ ආණ්ඩුව අකුළා ගත් කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගතය ම ‘සමුපකාර ව්‍යාපාරය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ යෝජනා කෙටුම්පත 2025’ මැයෙන් වෙනත් ලෙසකට ගෙන එන්නට යැයිද එදා විපක්ෂයේ සිටින විට ඊට විරුද්ධව සටනට සහභාගී වූ වසන්ත සමරසිංහ වැනි සමිති නායකයන් අද ඇමතිවරුන් වී වර්තමානයේ කරන වැඩ පිළිකුල් බවද ඔහු පවසයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

මේ අතර මෙම ක්‍රියාවලියේදී දින 14ක් තුළ සමුපකාරිකයන්ගේත් මහජනතාවගේත් අදහස් ලබාගෙන ඉතා හදිසියේ සමුපකාරිකයන්ට නව පනතක් සම්පාදනය කිරීමට නිලධාරීන් මුලදී උත්සාහ කළ බව සඳහන් කළා.

තම විරෝධතාවලින් අනතුරුව සමුපකාරිකයන්ට රැස්වී පනතකට යෝජනා ඉදිරිපත් කිරීමට තවත් කාලය ලබාගත්තේ යැයිද ඔහු පවසා ඇත.

වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේ නව රජයේ කැබිනට් මණ්ඩලය 2023/19 දරන පැරණි ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාව අවලංගු කළ බවට නීතිපති දෙපාර්තමේන්තුව ඉකුත් ජුනි මස 4 වන දින අධිකරණයට මෝසමකින් කරුණු සැල කළ පසුබිමක යළි වටයකින් වෙනත් මුහුණුවරකින් එම උත්සාහය ම ගැනීම අධිකරණයට ද කරුණු වසන් කිරීමක් බවයි.

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

ReeCha