බිහිසුණු බෝට්ටු අනතුරෙන් අතුරුදන් වූ එක් ධීවරයෙක් බේරෙයි

Report

අනතුරට ලක් වූ ධීවර යාත්‍රාවේ අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙක් යාත්‍රාව තුළ සිරවී සිටියදී බේරාගෙන ඇති බව වාර්තා වේ.

නාවික හමුදාව ප්‍රකාශ කළේ එම ධීවරයා නාවික හමුදාවෙන් බේරාගෙන මේ වනවිට ගාල්ල වරායට රැගෙන එමින් සිටින බවයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එසේම බේරා ගත් ධීවරයා යහපත් ශරීර තත්ත්වයෙන් සිටින බවද වාර්තා වේ.

ඊයේ (27) දින දෙවුන්දර ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙක් සමග මුහුදු ගිය යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

ඒ වන විට අඳාළ යාත්‍රාවේ ධීවරයින් 5 දෙනෙක් සිට ඇති බව පවසයි.

ඒ අනුව ඉන් එක් ධීවරයෙක් අද පෙරවරුවේ බේරා ගත්ත ද ඉතුරු සිව්දෙනා අතුරුදන්ව තිබුණා.

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

එසේ අතුරුදන්ව සිටි ධීවරයින්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමු වූ අතර, එම සිරුරු දැනටමත් නාවික හමුදාවෙන් ගොඩට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අනෙක් අතුරුදන් ධීවරයින් දෙදෙනා සොයන අතරවාරයේ මෙම බේරාගත් ධීවරයා යාත්‍රාවේ සිරවී සිටියදී බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

අතුරුදහන් වී සිටින තවත් එක් ධීවරයෙක් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව සඳහන්.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්