තරගයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයෙක් මිය ගිහින්.. හදිසියේම අසනීප වෙලා..

Report

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් තරගයක් අතරතුර මිය ගිය පුවතක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය අද(29) වාර්තා කර තිබෙනවා.

ඒ හෘදයාබාධයකින් ය.

මෙලෙස මියගොස් ඇත්තේ ඉම්රාන් පටෙල් නම් ක්‍රීඩකයෙක් ය.

ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ ඊයේ (28) පැවති තරගයක් අතරතුර ය.

35 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ ගාවර් ක්‍රීඩාංගණයේ පැවති තරගයක දී පන්දුවට පහර දෙමින් සිටිය දී හදිසියේ අසනීප වී තිබෙනවා.

උඩු ගුවනින් ආ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර.. ඒ මෙන්න මෙහෙමයි..

උඩු ගුවනින් ආ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර.. ඒ මෙන්න මෙහෙමයි..

ආරම්භක පිතිකරුවෙක් ලෙස පන්දුවට පහරදීමට පැමිණි ඉම්රාන් පිටියේ ටික වේලාවක් ගත කිරීමෙන් පසු පපුවේ සහ අත්වල වේදනාව ගැන විනිසුරුවරුන්ට දන්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුට පිටියෙන් ඉවත් වීමට විනිසුරුවරුන් අවසර ලබා දී ඇත.

පසු ඔහු ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමේ දී මියගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉම්රාන් පිටිය මැද ඇද වැටීමෙන් පසු ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, රෝහලට රැගෙන යන විටත් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බව තොරතුරු වාර්තා වේ.

You May Like This Video👇 

.