අඛණ්ඩ උපවාසයක් කිරීමට ඉම්රාන් ඛාන් සුදානමින්...

By Parami Dissanayake Jul 06, 2024 01:14 PM GMT
Report

පාකිස්තාන PTI දේශපාලන පක්ෂයට අදාළ නඩු විභාග කරන විනිසුරු මඩුල්ලෙන් ඉවත් වන ලෙස එම පක්ෂය පාකිස්තානයේ අගවිනිසුරු කාසි ෆාස් ඊසාගෙන් ඉල්ලා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

PTI යනු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය, දැනට සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ගේ පක්ෂයයි.

එමෙන්ම තමන්ට යුක්තිය පසඳලීමට කටයුතු නොකළහොත් අඛණ්ඩ උපවාසයක් කිරීමට තමන් සූදානම් බවද ඉම්රාන් ඛාන් පවසා ඇතැයි වාර්තා වේ.

හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් නඩුවකට අදාළව අධිකරණ කටයුතුවලට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන බවය.