වහාම හිටපු අගමැති ඉම්රාන්ගේ සිර දඬුවම අත්හිටුවයි..!

By Sewvandhi Apr 01, 2024 01:17 PM GMT
Report

ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට නියෝග කර තිබේ.

ඔහු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකාබැලීමට තීරණය කිරීමත් සමග අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටී.