ඉම්රාන් ඛාන්ට ගෙනා තහනම - පකිස්ථාන රජයත් එය ප්‍රතික්ෂේප කරලා.

By krishani Aug 09, 2023 06:10 PM GMT
Report

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම තහනම් කර ඇත.

ඒ පාකිස්ථාන මැතිවරණ කොමිසම විසින් ය.

දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවමක් නියම වී දින තුනකට පසුව මෙම තහනම ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඉම්රාන් ඛාන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාවක් නොමැත.

නමුත් පාකිස්ථාන රජය එය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉම්රාන් ඛාන්ගේ නීතීඥ කණ්ඩායම මෙම තීන්දුව අභියෝගයට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වන විට ඉස්ලාමාබාද් අසල බන්ධනාගාරයක රඳවා සිටියි.