ආනයනික පළමු බිත්තර තොගය මෙරටට එන දිනය ගැන ඉඟියක්.

Sri Lanka
By Wayomi Jan 07, 2023 03:34 AM GMT
Wayomi

Wayomi

Report

මේ වන විට මෙරට ඒකපුද්ගල බිත්තර පරිභෝජනය 50% කටත් වඩා අඩු වී ඇති බව ලෝක කුකුළු විද්‍යා සංගමය පවසනවා.

2020 වසරේදී මෙරට ඒකපුද්ගල බිත්තර පරිභෝජනය 133ක මට්ටමක තිබූ බවයි එම සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති වෛද්‍ය උෂාන් පල්ලෙගම සඳහන් කරනවා.

කෙසේ වෙතත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසන්නේ, ආනයනික පළමු බිත්තර තොගය ලබන සතියේ මෙරටට ලැබෙනු ඇති බවයි.

තවමත් බිත්තර මිල මේ වන විටද ඉහළ අගයක පවතින අතර බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි වන්නේ රුපියල් 60 - 70 කට ආසන්න මට්ටමකයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW