වාහන ආනයනය සම්බන්ධයෙන් පණිවිඩයක් - ඒ අතර වාහන වර්ග කිහිපයකට ප්‍රමුඛත්වයක්.

Parliament of Sri Lanka Sri Lanka Parliament Ranjith Siyambalapitiya Sri Lanka Ministry of Finance Sri Lanka
By krishani Jul 22, 2023 04:17 AM GMT
krishani

krishani

Report

2020 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ වාහන ආනයනය අත්හිටුවීම තුළින් රජයට විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා.

ඒ අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 620 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

ඒ ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

එමෙන්ම, වාහන ආනයනය නැවැත්වීමෙන් අහිමි වූ බදු ආදායමට වඩා විදේශ විනිමය ඉතිරි කර ගැනීමෙන් සිදු වූ වාසිය ඉහළ බව ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ  ඉදිරියේ දී ආනයන සීමා ලිහිල් කිරීමේදී, පොදු ප්‍රවාහනයට මෙන්ම කර්මාන්ත සඳහා ගෙන්වන වාහන සහ යතුරුපැදි සදහා ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.

ReeCha