බිත්තර ආනයනයට අවසර. - ඒවා බෙදාහැරෙන්නේ මෙහෙමයි.
Mahinda Amaraweera
Government Of Sri Lanka
By Wayomi
තවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා.
ඒ, බිත්තර හිඟය සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින්.
කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ, එම බිත්තර සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදෙන බවත්,ඒවා බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කරන බවත්ය.
බිත්තර ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැළසුම් කළ නමුත් එය දිගින් දිගටම කල් දැමුණේ කුරුළු උණ වසංගත තත්වය මතයි.
ඒ හේතුවෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් බිත්තර ආනයනයට අවසර දිය නොහැකි බවට ප්‍රකාශ කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |