ඇමෙරිකානු බද්දෙන් ආරක්ෂා වීමට එකම විකල්පය මෙන්න - හිටපු ජනපති කියයි
2024 ජුනි මාසයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය 2025 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, එය වහාම ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ඒකකය පවසයි.
මෙම බදු ප්‍රතිපත්තිය අනුව, තීරුබදු හතරක් යටතේ පැරා-තීරුබදු ඉවත් කිරීමට යෝජනා කර ඇති අතර, එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවද එම නිවේදනයෙහි සඳහන් වේ.
මේ අතර, මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගම නියෝජිතයන් සමඟ ඇමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම් විය යුතු බවද එම මාධ්‍ය ඒකකය කියයි.
වර්තමාන ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීම අත්‍යවශ්‍ය වන අතර, ඒ වෙනුවෙන් ඉදිරි මාස 3ක් තුළ ඉන්දියාව සමඟ සාකච්ඡා අවසන් කළ යුතු බවද එහි වැඩිදුරටත් සදහන් වේ.
තවද තායිලන්ත-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම ක්‍රියාත්මක කළ යුතු බවද එම කාර්යාලය අවධාරණය කරයි.
අමෙරිකානු තීරුබදු තීරණවලින් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තවලට බරපතළ බලපෑම් සිදු වන අතර, එම ප්‍රතිවිපාකයක් ලෙස කර්මාන්තශාලා වැසී 100,000කට ආසන්න රැකියා අහිමි විය හැකි බවද එම කාර්යාලය අනතුරු ඇඟවීමට ලක් කරයි.
එමෙන්ම, වෙළෙඳ හිඟය, ජංගම ගිණුම් හිඟය වර්ධනය වීමත් සමඟ රජයට තීරුබදු සහ සුරාබදු ආදායම ලබා ගැනීම දුෂ්කර වන තත්ත්වයක් උද්ගත වන බවද සඳහන් කරයි.
එසේම, යුරෝපා සංගමය සමඟ GSP+ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් තීරුබදු රහිත කලාපයක් තනන බවත්, GSP+ සඳහා සුදුසුකම් ලැබීමට සම්මුති 27කට සහාය දිය යුතු බවත් එම නිවේදනය පවසයි.
අවසන් වශයෙන්, ඇමෙරිකානු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් පමණක් නොව, අසල්වැසි රටවල්වලත් ආර්ථික අර්බුදය තුළින් දේශපාලන අස්ථාවරතාවය ඇති විය හැකි දැඩි හැකියාවක් පවතින බවද එම මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.
