හදිසියේම කෙහෙල්බද්දර පද්මේගේ මිලියන ගාණක දේපල පොලිස් භාරයට
අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාට අයත් රුපියල් මිලියන 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ.
මොහුව ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අතර කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායමක් ජකර්තා පොලිසිය සමඟ සහයෝගයෙන් සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව සිදු කළ ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන් අනතුරුව කෙහෙල්බද්දර පද්මේව කළ ප්‍රශ්ණ කිරීම් වලින් මිද්දෙණිය අයිස් කන්ටේනරය හා ගණේමුල්ල සංජීවගේ ඝාතනය පිලිබදවත් ඊට අනුබල දුන් ඉෂාර සෙව්වන්දි පිලිබදවත් තොරතුරු හෙළි කළේය.
පසුව නිලධාරීන් සිදුකල වැඩිදුර විමර්ෂණ වලින් අනතුරුව මෙලෙස කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගැනීමට තීන්දු කර ඇත.