වට්ස්ඇප් හරහා නිරුවත් ඡායාරූප පතුරුවා හැරූ තරුණයින් දෙදෙනෙක් පොලිස් දැලේ

Report

අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ යොමු කරමින් ලිංගික වශයෙන් හිරිහැර කිරීමට සම්බන්ධ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු, වට්ස්ඇප් සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමු කර ඒවා ප්‍රචාරය කරන බවට තර්ජනය කරමින් රුපියල් 222,000ක මුදලක් බලෙන් ලබාගත් බවට චෝදනා ලැබී ඇත.

පාලන මිලෙන් ගිලිහුණු බිත්තරේ! මෙන්න අලුත් මිල

පාලන මිලෙන් ගිලිහුණු බිත්තරේ! මෙන්න අලුත් මිල

මෙම සැකකරු කොළඹදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනවාරි 08 වන දින ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගෙනය. ඔහු වයස අවුරුදු 29ක් වන, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙවැනි සිද්ධිය සම්බන්ධ පැමිණිල්ලක් පසුගිය ජනවාරි 07 වනදා ලැබී තිබූ අතර, එය අනුව කහතුඩුව ප්‍රදේශයේදී තවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නාමල්, අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රීට අවසන් ගෞරව පුදයි

නාමල්, අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රීට අවසන් ගෞරව පුදයි

ඔහු වයස අවුරුදු 32ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය තවදුරටත් විමර්ශන ක්‍රියාමාර්ග යටතේ මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී.