දරුණු බස් රථ අනතුරක් පුද්ගලයෙක් මරුට - 10කට තුවාල

Report

මන්නාරම - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීර් 35 කණුව සහ කිලෝමීටර් 36 කණුව අතර ප්‍රදේශයේදී අද (22) අලුයම බස් රථ අනතුරක් සිදුව තිබේ.

එහිදී  එක්  පුද්ගයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ, ආසිකුලම්, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සෙට්ටිකුලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෙඩි වැදුණු වැලිගම ප්‍රා.ස සභාපති ජීවිතක්ෂයට

වෙඩි වැදුණු වැලිගම ප්‍රා.ස සභාපති ජීවිතක්ෂයට

එවගේම පොලීසිය සදහන් කළේ අනතුරින් තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු මන්නාරම් හා වව්නියාව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඒ අතර අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරාද වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ දෙස සිට මන්නාරම දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනෙහි තිබූ ගසක ගැටීමෙනි .

මෙම අනතුර සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනයන් පරයනාලන්කුලම් පොලීසිය විසින් සිදු කරයි.

හිටපු ඇමති මනූෂ බිරිඳ එක්කම නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

හිටපු ඇමති මනූෂ බිරිඳ එක්කම නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

මං මග බලන් හිටියේ අද හරියට බුදුන් දැක්කා වගේ - මහින්ද බලන්න ගිය ජැක්සන්ගේ බිරිඳ සතුටින් පිනා යයි

මං මග බලන් හිටියේ අද හරියට බුදුන් දැක්කා වගේ - මහින්ද බලන්න ගිය ජැක්සන්ගේ බිරිඳ සතුටින් පිනා යයි