ලෝක බලවතුන්ගේ හමුව නවතියි ඊළගට මොකද වෙන්නේ?

Report

යුක්රේනයේ සටන් විරාමය රුසියාවෙන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවැත්වීමට නියමිත තිබූ සාකච්චා සමුළුව සඳහා වූ සැලසුම් අත්හිටුවා ඇත.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් දුරකථන ඇමතුමකින් පසුව පුද්ගලික හමුවීමක් නොකිරීමට තීරණය ඇත.

ජනාධිපති ට්‍රම්ප්ට නුදුරු අනාගතයේ දී ජනාධිපති පුටින් හමුවීමට කිසිදු සැලසුමක් නොමැති බව ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

යුක්රේනයේ යුද්ධය නැවැත්වීමට ක්‍රම ගවේෂණය කිරීම සඳහා තමා සහ පුටින් ඉක්මනින් හංගේරියාවේදී හමුවන බව ජනාධිපති ට්‍රම්ප් පසුගිය සතියේ නිවේදනය කර තිබුණි.

කැනඩාවේ ස්ථිර පදිංචියට අයදුම්කරන්නද ඉන්න අයට දැනුම්දීමක්

කැනඩාවේ ස්ථිර පදිංචියට අයදුම්කරන්නද ඉන්න අයට දැනුම්දීමක්

කෙසේ වෙතත්, එක්සත් ජනපද සහ රුසියානු නිලධාරීන්ට අනුව, පුටින් තවමත් ඊට අකමැති වන අතර, යුක්රේනය පළමුව අමතර භූමි ප්‍රදේශ අත්හැරීමට එකඟ විය යුතු බව අවධාරනය කරයි.

පසුගිය සතියේ පුටින් සමඟ දුරකථනයෙන් කතා කළ සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවූ ට්‍රම්ප්, සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට අපොහොසත් වූ අගෝස්තු මාසයේ ඇලස්කාවේ පැවති සමුළුව පිළිබඳ පසු විපරමක් කිරීමට බලාපොරොත්තු විය.   

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න