ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Report

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ මේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවය.

ඒ අනුව ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින බවත ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ වන විට කඩිනමින් නිකුත් කළ යුතු සහ ඉතාම අත්‍යවශ්‍ය සැපයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ දෙපාර්තමේන්තුවේ ශාඛා ජාලයන්හී කටයුතුද මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවය.

ටිකට් සියල්ලම අලෙවියට! ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටනට දැඩි ඉල්ලුම

ටිකට් සියල්ලම අලෙවියට! ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටනට දැඩි ඉල්ලුම

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

ඉදිරි පැය 24 තීරණාත්මකයි - දිස්ත්‍රික්ක දෙකක් අවදානම් ලැයිස්තුවේ

ඉදිරි පැය 24 තීරණාත්මකයි - දිස්ත්‍රික්ක දෙකක් අවදානම් ලැයිස්තුවේ