IMF තෙවන වාරකය ගැන ලංකාවම නොඉවසිල්ලෙන් බලන් හිටිය තීරණය.. අලුත් ආණ්ඩුව යටතේ මොකක්ද වුණේ?.

Anura Kumara Dissanayaka Government Of Sri Lanka IMF Sri Lanka Latest Headlines AKD
By krishani Oct 04, 2024 04:24 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය දිවයිනට පැමිණ සිටින IMF කණ්ඩායමේ සංචාරය නිමවීමෙන් පසුව ප්‍රකාශයට පත්කරන බව එහි ප්‍රකාශිකා ජුලී කොසැක් සඳහන් කළේ ය.

අද (04) පෙරවරුවේ දී ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවැනි දිනටත් පැවැත්විණ.

ඒ ජනාධිපති කාර්යාලයේ දී ය.

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


මෙම දෙවැනි සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත්තේ, IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ග සම්බන්ධයෙන් ය.

ඒ සඳහා අවශ්‍ය යහපත් හා සුහදශීලි වටපිටාවක් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාවලදී මනාව ගොඩනැගුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

බන්දුල නම් ආයේ පැත්ත පලාතෙ එන් නෑ කියද්දී, නිමල් සිරිපාල මේ මොකටද සැරසෙන්නේ?.. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

බන්දුල නම් ආයේ පැත්ත පලාතෙ එන් නෑ කියද්දී, නිමල් සිරිපාල මේ මොකටද සැරසෙන්නේ?.. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


ඒ අනුව දින තුනක් මුළුල්ලේ පැවති සාකච්ඡා මාලාව සාර්ථකව අද නිමාවට  පත්විණ.

ප්‍රශ්නය - නව ජනාධිපතිවරයාගේ පරිපාලනය විසින් IMF වැඩසටහන සම්බන්ධයෙන් සිදුකිරීමට අපේක්ෂා කරන වෙනස්කම් මොනවාද යන්න සහ ණය තිරසර කරන විශ්ලේෂණය සහ බැඳුම්කර හිමියන් සමග එකඟතාවන් උල්ලංඝනය නොවන ආකාරයෙන් වැඩසටහනේ ඇතැම් පරාමිතීන් වෙනස් කළ හැකිද යන්න මෙහිදී සොයා බැලෙනවාද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා -ජුලී කොසැක්

"2024 වසරේ ජුනි 12 වැනිදා IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මේ වසරට අදාළ 'ආටිකල් ෆෝ' උපදේශනය සහ ශ්‍රී ලංකාව සමග පවතින විස්තීරණ ණය වැඩසටහනේ දෙවැනි ඇගයීම සමාප්ත කළා.

වහාම, සියලු ගිනි අවි සහ උණ්ඩ ගැන තීරණයක්.. ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)

වහාම, සියලු ගිනි අවි සහ උණ්ඩ ගැන තීරණයක්.. ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTO)


එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහායවීම සඳහා ඩොලර් මිලියන 336ක මුදලකට වහා ප්‍රවේශය ලබාදුන්නා.

අපේ වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ප්‍රතිඵල පෙන්නුම් කරනවා. ආර්ථික වර්ධනය යළි පණගැන්වීම, උද්ධමනය පහත හෙළීම, විදේශ සංචිත ශක්තිමත් කිරීම සහ ආදායම් එක්රැස්කිරීම වැඩිදියුණු කිරීම ඊට අයත්.

නමුත් අප මීට පෙර පැවසූ ආකාරයෙන් වැදගත් අංශවල අවදානම් සහ අවිනිශ්චිතතාවන් තවදුරටත් පවතිනවා.

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් දැනුම්දීමත් වුණා එහෙනම්.. ඩොලරයට මේ එකවරම වුණේ මොකක් ද?. (PHOTO)


මේ නිසා ප්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම තීරණාත්මකයි. මේ අවස්ථාව් අපේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනවා.

ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ නව ආර්ථික කණ්ඩායම ද මුණගැසෙනවා.

විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීම සඳහා දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත්කෙරෙනවා.

මෙම දූත කණ්ඩායම ඔවුන්ගේ සංචාරය අවසන් කළ විට එය සන්නිවේදනය කරාවි."

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය ඇතුළත් සම්පූර්ණ විස්තර පහතින්,

අනුර ආවත් හරි.. තිබ්බ IMF සාකච්ඡාවෙන් පස්සෙ ලංකාවට මොකද වුණේ?. මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)

අනුර ආවත් හරි.. තිබ්බ IMF සාකච්ඡාවෙන් පස්සෙ ලංකාවට මොකද වුණේ?. මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)


ReeCha