අනීතික අත්අඩංගුවට ගැනීමක්... වහාම නිදහස් කරන්න... නැතිනම් හෙට බලාගමු (VIDEO)

By Akash Apr 16, 2025 01:47 PM GMT
Report

ගාල්ල බද්දේගම පොලිසිය විසින් අනීතික අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසනවා.

දින දෙකක් තුළ බිමත් රියදුරන් 800කට නඩු

දින දෙකක් තුළ බිමත් රියදුරන් 800කට නඩු

එම කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් මේ සම්බන්ධයෙන් ''ගගන කරන්ට් ඇෆයාර්ස් '' වෙත අදහස් දක්වමින් කියා සිටියා. බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු අධිකාරි සිරිදත් ධම්මිකගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන්.

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු අධිකරණයට

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු අධිකරණයට

රැඳවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාව පොලිසිය විසින් රැගෙන ගොස් ඇති අතර ඔවුන් පසුපසින් ගමන් කළ අදාළ සැකකරුගේ බිරිඳ සහ ඥාතියෙකු පොලිසිය විසින් අනිතක ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදෙස් නන්දිමාල් කියා සිටියේ.