අහසට වෙඩි : මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් !

By Akash Apr 22, 2025 03:48 PM GMT
Report

මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (22) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබෙන බවද වාර්තා වෙයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවත් එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පලකරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවත් දැනගන්නට තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇත.