බීපු ෂොට් එක වැඩ... සුලමුල හෙළිවේ... එකෙන් වීඩීයෝ කරලා...මුහුණත් එක්කම පේනවා...(VIDEO)

Report

අනුරාධපුර - මැදවච්චිය කොලික්කඩ වයස අවුරුදු තිස් පහක තරුණයකු පසුගිය මාර්තු මස 21 වන දින උදෑසන සිට අතුරුදහන් වී ඇති බැවින් අප්‍රේල් 02 දින මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා දෙදරු පියකු බව සඳහන්.

අවුරුදු කටලඟ...ඔබේ වාසනවා???

අවුරුදු කටලඟ...ඔබේ වාසනවා???

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කළ පොලිසිය කැලෑ ප්‍රදේශයකින් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබුනා.

ඔයා මඩුව - නොච්චියාගම මාර්ගයේ දුනුමඩලාව රක්ෂිතයේ තිබී මිය ගිය තරුණයාගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කීපයක් විමර්ශනය සිදු කරන පොලිසියට හමුවූ අතර එය අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඉදිරි පැය 24 තීරණාත්මකයි.නිවේදන ගැන විමසිල්ලෙන්

ඉදිරි පැය 24 තීරණාත්මකයි.නිවේදන ගැන විමසිල්ලෙන්

පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එම නිලධාරින් හා අනුරාධපුර අපරාධ අංශයේ හා අනුරාධපුර පොලිස් කොට්ඨාශ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම විමර්ශන ඉදිරියට සිදු කරනු ලැබුවා.

එහිදී සැකකරුවන් අතුරුදන් වූ තරුණයාව ඔවුන් සිටින ස්ථානයට ගෙන්වාගෙන කුලි පදනම මත ලබාගත් මෝටර් රථයකින් ලෝළුගස්වැව ප්‍රදේශයේ ලැගුම් හලකට ගෙන ගොස් ඝාතනය කර ඇති බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

ඉන් පසුව ඔයාමඩුව , දුනු මඩලාව ප්‍රදේශයේ රක්ෂිතයට ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර ගෙනගොස් ගිනි තබා ඇති බවද අනාවරණය වුනා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.