දළදා වන්දනාවට හෙට පැමිණෙන පිරිසට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Kandy Sri Lanka Temple of tooth
By Zara Apr 22, 2025 03:30 PM GMT
Zara

Zara

Report

හෙට (23) දිනයේ “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීම සඳහා අද (22) සවස 06.00 පමණ වන විට අසූදහසකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටින බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ හෙට උදෑසන වන විට එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

එමෙන්ම හෙට දහවල් කාලය වන විට මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් හෙට දිනය හැර තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීමට හැකියාව පවතින් බැවින් හෙට දිනය මඟහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් සැදැහැවතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවට පොලීසිය මහජනතාව වෙත දන්වා සිටියි.

“සිරි දළදා වන්දනාව” පසුගිය 18 වනදා ආරම්භ කල අතර අද (22) දක්වා කාලය තුල විශාල සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වන්දනාමාන කරගෙන ඇත. 

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත

ඉන්සියුලින් තොග ගැන ඇමති කිව්ව කතාව

ඉන්සියුලින් තොග ගැන ඇමති කිව්ව කතාව

ReeCha