සෙනග වැඩියි.. හෙට නෑවිත් වෙන දසවක එන්න...

Sinhala news
By Akash Apr 22, 2025 02:05 PM GMT
Akash

Akash

Report

“සිරි දළදා වන්දනාව” 2025.04.18 වන දින ආරම්භ කල අතර 2025.04.22 වන අද දින තුල දක්වා විශාල බැතිමතුන් පිරිසක් ” දළදා වහන්සේ ” වන්දනාමාන කරගෙන ඇත.

2025.04.23 වන හෙට දිනද “සිරි දළදා වන්දනාව” සිදු කර ගැනීම සඳහා අද දින සවස 0600 පමණ වන විට අසූ දහසකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙතඑක් රැස්ව සිටින අතර හෙට දින උදෑසන වන විට එම ප්‍රමාණය ලක්ෂය ඉක්මවා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.

දේවගැතිවරයෙකු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක - අනුගාමිකයා ජෙරම් ප‍්‍රනාන්දු

දේවගැතිවරයෙකු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක - අනුගාමිකයා ජෙරම් ප‍්‍රනාන්දු

එමෙන්ම 2025.04.23 වන හෙට දින දහවල් කාලය වන විට මෙම ප්‍රමාණය තවදුරටත් ඉහල යා හැකි බැවින් හෙට දින හැර තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව ” සිදු කර ගැනීමට හැකියාව ඇත.

එබැවින් හෙට දිනය මඟහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවට පොලිසිය මහජනතාව වෙත දන්වා සිටී.

ඉෂාර සෙව්වන්දි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මතුව ඇති අලුත්ම සැකය

ඉෂාර සෙව්වන්දි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මතුව ඇති අලුත්ම සැකය

ReeCha