මෝදිගේ සංචාරය නිසා කොළඹට කරන්න හදන අලුත් වැඩේ (VIDEO)

Report

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කර සිටියා.

ඔහු ප්‍රකාශ කර සිටියේ, "ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වනදා ආරම්භ වීමට නියමිතයි.

ට්‍රම්ප්ගේ තීරු බදු ගැන හොයන්න ජනපති අනුරගෙන් කමිටුවක්!

ට්‍රම්ප්ගේ තීරු බදු ගැන හොයන්න ජනපති අනුරගෙන් කමිටුවක්!

මෙම සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා.

"ඒ අනුව අප්‍රේල් 4 වනදා සවස 6ත් රාත්‍රී 10ත් කාලය අතරතුර කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගය ද වරින්වර වසා දැමීමට සිදුවෙනවා."

[

"මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන පුද්ගලයන්ට මෙම මාර්ග වසාතැබීම ගැන අවධානය යොමු කරමින් තමන්ගේ ගමනාගමන කටයුතු සැලසුම් කරගන්නා ලෙසටත් දැනුම්දෙනවා."

"අප්‍රේල් 5 වනදා කොළඹ ගාලුමුවදොර ප්‍රදේශය, නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින්වර වසා දැමීමට සිදුවෙනවා." "මෙම විශේෂ රථවාහන සැලැස්ම සඳහා සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් මෙන්ම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙනි.  

වඳින්නයි දේවාලේ ගියේ...සැමියා ගසක බැඳ බිරිඳව සමුහ දූෂණය කරයි.

වඳින්නයි දේවාලේ ගියේ...සැමියා ගසක බැඳ බිරිඳව සමුහ දූෂණය කරයි.

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපයි!

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපයි!