අවුරුද්දට ගමේ යන්න මෙන්න පහසු විදියක් - කරදරයක් නැතුව ගෙදර යන්න පුලුවන් (VIDEO)

Report

ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන්ගේ ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා උත්සව කාලය සඳහා ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කරනු ලැබුවා.

මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර ලබන 9වනදා සිට 13 වෙනිදා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම අවුරුදු අවසන් වීමෙන් පසු ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණිමට අප්‍රේල් මස 16 වනදින සිටි 20 වන දින දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය.

හදිසියේම කොළඹ ආරක්ෂාව තර කරයි

හදිසියේම කොළඹ ආරක්ෂාව තර කරයි

ප්‍රබල භූ කම්පනයක්...අනතුරු අඟවයි ... අවදානම්

ප්‍රබල භූ කම්පනයක්...අනතුරු අඟවයි ... අවදානම්