බෙදුම්වාදී තුවක්කුකරුවන්ගේ වෙඩිල්ලෙන් පුද්ගලයින් 28 දෙනෙකු මරුට
By R.rishma
දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයකදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.
නාවික හමුදා නිලධාරියෙකු ඇතුළු විදේශීය සංචාරකයින් පිරිසක් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
බෙදුම්වාදී තුවක්කුකරුවන් යැයි සැක කෙරෙන පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.