හෙල්මට්වලින් පහර දී පාසල් ඝාතනය කළ පාසල් සිසුවා

Death School Incident Latest Headlines
By Zara Apr 22, 2025 05:30 PM GMT
Zara

Zara

Report

තමන් ඉගෙනුම ලැබූ පාසලේ වැඩිමහල් ශ්‍රේණියක සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතළ තත්ත්වයෙන් කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 07 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් රිදීගම - වෙලෙගෙදර - ෂැකරලි වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල - බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි. පසුගිය 16 වනදා රිදීගම - වෙලෙගෙදර - අංහන්දිය ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වීම සඳහා කුරුණෑගල - බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තිලිණ විරාජ් නැමැති සිසුවා ගොස් තිබේ.

තිලිණ යන අතරමග රැකසිටි එම පාසලේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් සහ තවත් පිටස්තර පිරිසක් ඔහුට පහරදී තිබුණේ, පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමිනි.

එහිදී ආරක්ෂිත හිස් වැසුම්වලින් සිසුවාගේ හිසට පහරදී ඇති අතර, අනතුරුව සිහිමුර්ඡා වී ඇති සිසුවා ප්‍රතිකාර සඳහා පළමුව මාවතගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරුකර යවා ඇත.

කෙසේ වෙතත්, කුරුණෑගල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද ජීවිතක්ෂයට පත්ව තිබුණි.

සිද්ධිය සැලවීමත් සමග විදෙස්ගතව සිටි තිලිණගේ මව මේ වන විට නිවසට පැමිණ ඇත.

පොලීසිය පවසන්නේ, සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

සිසුවාට පහරදුන් සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කුරුණෑගල - වෙලෙගෙදර පොලීසිය ඉදිරිපිටට රැස්වූ ෂැකරලිවත්ත ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් පවත්වනු ලැබීය. 

වෙඩි තැබීමෙන් ඩෑන් ප්‍රියසාද් මරුට

වෙඩි තැබීමෙන් ඩෑන් ප්‍රියසාද් මරුට

මාතර බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්ත්වය - අහසට වෙඩි තබයි

මාතර බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්ත්වය - අහසට වෙඩි තබයි

ReeCha